Saturday, November 20, 2010

බබාට නමක් : නමක් ගැන යමක්

 
සුදට සුදේ බැබලි බැබලි
කර කවමින් චූටි ඇඟිලි
දඟ කරනා  මගේ සිඟිති
පුංචි පුතේ  නමක්  නොමැති

දමන නමක් හරි විදියට
හිතල බලල හොද හැටියට
දැමිය යුතුය පෙරදවසට
වැදගම්මක් වෙන විදියට

අනාගතේ  යම් දවසක
ඉස්කෝලෙට  යන කාලෙට
කොල්ලෝ උඹට හූ කිව්වට
හිතල තමයි දැම්මේ මේක

tution ඇඳුරෙක්  වන්නට
හිතුනොතින් තමයි  උඹට
උඹේ  නමේ බලේ කමට 
වැටහෙයි මා හිතපු තරම

පරම් පරා  ගොඩ ගන්නට
හිතුනොතින් මගේ  පුතුට
දේශපාලුවෙකු වන්නට
මේ  නම ඇති රජ කරන්ට

සසර තෙරින්  ගොඩ ගන්නට
හත්මුතු පරපුරම එකට
වැඩිය වෙනස් කමක් නැතුව
වෙහෙස නොවෙනු නම ගන්නට

බල ඔද තෙජ ගරු නම්බුද
කැටි කර හොද හැටි අකුරුද
ඇහුණම හිත ගල්  කරවන
හොඳ බලගතු නමකි මේක

පුංචි පුතේ එත් බලනු,
කොච්චර හොඳ නමක් නමුදු
උඹේ අම්මා කැමති  අයුරු
style   නොමැති කැත නමක්ලු

හතර වටේ හැම අහුමුලු
හොයල හොයල ඇතිවෙලාලු
නමක් දමන්නට කන්කළු
අහුබුදු මහතා හමුවෙමු!





















Wednesday, November 17, 2010

පැය 1 යි විනාඩි 30 යි...


තව ටිකයි...ඔව් ටික මොහොතයි...
බලාපොරොත්තු නම් දුසිම් දෙකයි ..
හිතත් පිරී හදවත නලියයි...
බයත් වගේ..එත් සතුටම තමයි..
එළියේ වහිනවා...බඩ දගලනවා...
සමනලු රෑන් පිටින් බඩ ඇතුලේ gymnastic නටනවා..
ඔලුව ඇතුලේ ඔරලෝසුවක්
තත්පරෙන් තත්පරේ දෙවනත් කරනවා..
ටික් ටික්... ටික් ටික්... ටික් ටික්..
කන්නත් බෑ.. බොන්නත් බෑ
මොනවා වෙනවද තේරෙන්නෙත් නෑ..
කොන්ඩෙ තියෙයිද...හැඩට මගේ මෙන්..
නහය පුහුලමක් වෙයිද නැත්තම්..
මගේ ජාන සීයට පනහයි...
හොඳවයින් තෝරලා දාන්නට තිබ්බනම් කදිමයි...
හොදව තිබ්බත් තියෙන්නේ විස්සයි...
අම්ම හොඳ හන්ද හිතට සතුටයි....
මටම ඔබින කළු පුතෙක්ද...අම්ම වගේ සුදු පුතෙක්ද?
සීය වගේ උස පුතෙක්ද... ආච්චි වගේ කොට පුතෙක්ද?
මොනවා වුනත් කොහොම වුනත්
මගේ පුංචි පුතා උතුම්...
තව ටිකකින් දොරට වඩයි..
ලඟින් නැතත්.. දුරින් වුනත්...
සිත ඔහාට තැපැල් කරත්...
දෙනෙතට වාවන්නෑ දුක...
යුතුරු පුවරු යට කරාන...
ගලනා කදුලැලි ගංගා...ගන්නට ඕනෑ හංගා...
නුඹ එන තෙක් මග බලාන...ඉදල ඉදල...ඇස් රිදවල.
ගලපු තරම තමයි මේක...

.. තව ටිකයි ..ටික මොහොතයි...
මගෙ හිත මටම කොදුරයි...

Friday, November 12, 2010

Where we come from : some cool videos






On the same subject, I couldn't resist posting the evolution of homer...!



Another cool video on evolution

Saturday, November 6, 2010

තවත් වසරක්...



නුඹට ඇති සඳ එලිය මට නැත..
නුඹට ඇති හිරු මා දවන්නැත
එකම අහසක පහස ලැබුවද...
කලට එරෙහිව කලම පොර බැඳ

තඹරු මල් ගොමු නිසල විල් තෙර...
සුනිල ජල කඳ අසල  වැජඹෙන
සියොත් නද හද විලෙන් නික්මෙන...
කෑගසයි  අද, නුඹට ඇහුනද?

දිලිසි දිලිසී ගගන කළඹන...
නොයෙක් තරු නිලි අතර රග දෙන
ගතින් වෙන්වී වුනත් ඉන්නට...
තවම මේ හිත ඇත්තෙ ඔතනම

පසු කලත් ඔබ එකුන් තිස් විය...
තවත් ඔබ මගේ පුංචි බිරිදය
උපන් දිනයට පතමි මම අද...
තවත් කප් සියක් එකට ඉන්නට

Wednesday, October 6, 2010

Living the Dream! : සිහින දේශය සහ තවත් කතා




පෙර  වදන:

සිහින පුරයට
යන්ට අවසර
මගේ දෙපයම
ගෙදර තනිකර


Back at home I had people who cared
Parents and friends, the life that I shared
Here in my "home"
I’m all alone...
Yeah baby…I'm living the dream!

Back at home the days were so warm
Not forgetting that occasional storm
Now it’s so frikin cold
In my nose I’m growing mold
But yeah… I’m living the frikin dream!


Back at home I miss all those food
Amma's polos curry was really good
Now two cups of rice
Keeps me barely alive
Yeah, I’m eating the dream

Back at home I had my wife by my side
A pillar of strength, who was here for awhile
Now she’s having "fun"
Carrying my son
I know she ain’t living the dream.

Back at home I had a good job
Enough for me to be a right royal snob
Here in this cage
I’m paid minimum wage
But fuck that, I’m living the dream!

Remember this now and keep in your mind
The grass aint that much greener on the other side
Listen to me son,
Your life has just begun
Be like dad, and live your damn dream!


පසු වදන:

මේ සිහින පුරයේ
මමයි කුමරා
මගෙම අසිපතින්
බෙල්ල කැපුනා....

Saturday, October 2, 2010

I Don't Want To Live On The Moon



Written by Jeff Moss  
Ernie and Aaron Neville

A song so simple yet meaningful. "Wish I was home once again",  just the way I'm feeling right now

Well, I'd like to visit the moon
On a rocket ship high in the air
Yes, I'd like to visit the moon
But I don't think I'd like to live there
Though I'd like to look down at the earth from above
I would miss all the places and people I love
So although I might like it for one afternoon
I don't want to live on the moon

I'd like to travel under the sea
I could meet all the fish everywhere
Yes, I'd travel under the sea
But I don't think I'd like to live there
I might stay for a day there if I had my wish
But there's not much to do when your friends are all fish
And an oyster and clam aren't real family
So I don't want to live in the sea

I'd like to visit the jungle, hear the lions roar
Go back in time and meet a dinosaur
There's so many strange places I'd like to be
But none of them permanently

So if I should visit the moon
Well, I'll dance on a moonbeam and then
I will make a wish on a star
And I'll wish I was home once again
Though I'd like to look down at the earth from above
I would miss all the places and people I love
So although I may go I'll be coming home soon
'Cause I don't want to live on the moon
No, I don't want to live on the moon

Tuesday, September 28, 2010

(නො)නාකියා

බත් දෙකකුත් මැන සෝදා
සෝයා, පරිප්පුත් සාදා
ලුණු නැති කැරටුත් සකසා
උපන් දිනේ සමරනවා

ඔබ සැදූ විසිතුරු කැවිලිද
කේක් ගෙඩිය රස කල  අප
වසරක පෙර සොදුරු මතක
අපෙ මේසය පාළුවේ අද

ඔබ මෙහෙ නැති හැම දිනක්ම
මා හට කප් සිය වසක්ය
මගේ උපන් දින හාදුව
හනික තැපෑලට දමන්න

හීතල මේ පාලු ගෙදර
වෙනද තිබ්බ උණුහුම නැත
නුබේ අතින් මගේ දෑත
වෙනද  වගේ  අල්ල ගන්න

වැඩි විස්තර ඕනෙත් නැහැ
කීමට මට වචනත් නැහැ
තිහ පැන්නත් පෙනුමත් නැහැ
මම එච්චර නාකිත් නැහැ

Friday, September 24, 2010

Seasons of Gloom



Greens of summer are slowly fading
Making way for the reds of fall…
Soon the flakes will bathe the paving
How can I get through this all?

The dusty trail and the trees of green
getting soaked in the drops of rain
The flowers and bees, the wind and the breeze
All seem to whisper your name

The shortest shorts are getting longer
And the flowers are growing a wild
The chills of fall are slowly creeping
How do I cope with this divide?

Days are long, the nights are longer
Sweet memories keep me alive
The dawn of day makes me more stronger
The promise of you soon, by my side.

Sunday, September 19, 2010

වැස්ස

 
එළියේ වහිනවා
ඇතුලේ ගොරවනවා

බංකොලොත් පියා

 
 
 
 
(පියා)
එවන්ට නම් එපා...
පසු පස මා...
රහල් කුමරු සේ...
දෙන්ට දෙයක් නැත මා හට
නුඹ දෙන්නට
හදේ තියන ආලය මිස...
 
(මව)
අහස පොලොව උගසට දී
නුබ තියාපු බොරු පොරොන්දු
අද අමතක වෙලා වගේ
දෙන්ට දෙයක නැත්තම්, නුබ
අහවල් බම්බුවකටදෝ අද
ජීවිත ගමනේ  මේ දෙක...තුන කර ගත්තේ
 
කමක් නෑ ඉතින්
වෙන මක් කරන්නදෝ
නුඹේ හදේ ආලයවත්
එවාපන් තැපෑලෙන්

Friday, September 10, 2010

රජෙක් නොවූ රජෙක්




හිසට රන් වන කිරුළු නැතුවද

පයට මිරිවැඩි සගල නැතුවද

රජ කරන්නට රටක් නැතුවද

රජෙක් විය, නුඹ පුතෙක් දුන් දින

රිදෙන සටහන්




කෙසේ කියන්නද...

මොනවා කියන්නද...

මේවා කියන්නට

වදන් කොහෙද මට...

දෑතේ අතැගිලි

පැටලු අතැගිලි

ඉල්ලා හඩමින්

ඉගිමරනා සැටි

ඇදෙ කොට්ටය

යට ඇති මෙට්ටය

මේ හැම දෙයක්ම

සිහිකරවයි ඔබ

නා විද සළු පිලි

කඩ පිල් පිරි ඇති

බොරුවට බලමින්

අපි ඇවිදපු හැටි

මේ හැම මොහොතක

හැම හද ගැස්මක

ඔබ ගැන මතකය

වද දෙනවා මට...

Tuesday, September 7, 2010

නොසන්ඩාල ඉමොටිකොන





ඔච්චමටද

විරිත්තන්නේ

නිහඩවමයි

මම සිටින්නේ



නුඹ නැති මුත්

මු සිටින්නේ

පාලුවටද

හිනාවෙන්නේ



කහපාටට

සුදුපාටට

කැරකි කැරකි

හැම අතටම



නුඹ එවාපු

අග වැකියක

කොන එල්ලපු

දත් සෙට් එක


(ඉවසීම නැතිවීම...)

තවත් බැහැ මට

බලා ඉන්නට

වහල දැම්මා

ඉලව් ලගඩම

Saturday, September 4, 2010

දොළොස් පෑ පාලම


කම්මැලි කබ ගුලි
මුහුණේ කෙල තලි
පිහිද පිහිද විත්
එබී බැලුවෙමි
 
අංකිත ද්වාරේ
කවුළුව ඇතුලේ
නුඹේ පුංචි නම
තවමත් අඳුරේ
 
නුඹට හිරු නම්
මෙමට සඳු වේ
උදා රෑ පැය
උඩු යටි කුරු වේ
 
එන්න මගේ පන
හනිකට හනිකට
තවත් බෑ   මට
බලා ඉන්නට
 
 දොළොස් පැයකින්
මුහුදු දෙකකින්
දුරස්වූ නුඹ
එන්ට විගසින්


ඇවිත් හමුවෙමු
පික්සල මැදුරක
අපටම වෙන්වූ
අපේ ලෝකෙක

Sunday, August 29, 2010

මගේ හොද්ද



ගිනි රස්නෙට ඩා බිදු බිදු වගුරවමින් අද

උදුන ලඟින් ඇන තියාන කල් මරමින් මම

හොදි දෙකකුයි බත් ටිකකුයි හදාගෙනම හොඳ

කන්නට ගන්නෙමි මම හිරු අවරට ගිය කල



නුඹේ අතින් හදපු කෑම රජබෝජුනකි මට

ඒ රස හිත තුල තෙරපිලා කෙල එයි දිවගට

කුසගින්නට මේ ටික ඇති මට මුළු සතියට

පරිප්පුවේ ලුණු මදියක් දැනුනත් කරුමෙට



පොල්කිරියයි තුනපහමයි වරදින්නේ මට

මිරිස් ටිකක් වැඩිපුර ඇති එක කම් නැතුවට

මේවා කාලා ටික දොහකින් බඩ strike කරන වට

සැකයක් නැත lat එකටත් වැඩ වැඩි වෙයි හෙට



හදපු එව්වා කාලා කාලා මගේ බඩ පිරුනද

හිත පිරෙන්ඩ නම් මදි මට ඔයා නැතුව අද

ලිප මොලවල බත සකසල පිගානකට කර

නුඹේ අතින් බත් දෙකටක් කන්නේ කවදද

Box world



I dare not peer out of this box

The outside world which stares at me

The sunlight dripping out on the ledge

And the raindrops melting the flower beds…



Shadows dancing at 3 pm

Making faces while mocking me

Lulling winds blows through the skies

Raging fires burn inside…



The ticking hands point back at me

Running and popping the tapestry

Gazing at the rays of a distant star

A forlorn poet despairs afar...









Saturday, August 28, 2010

බොරුකාරයා



වැඩි දුරක් නැ


තව ටික දොහයි

මගෙ හිත

මටම බොරු කරයි....

Saturday, August 21, 2010

The cure for aching hearts



I stand infront
without a shirt
the AC blowing
in its complete force

Straight to the heart
its coldeness comes
the pain for awhile
slowly subsides...

Friday, August 20, 2010

දෙදෙනෙකුට තුරුලුවී..



යකඩ තටු මතින්

වලා පට ඉහලින්

ගත මගේ යන්ට ගියත්...

හිත තවම ඔතනයි

දෙදෙනෙකුට තුරුලුවී

සයනයෙහි උනුහුමින්

ගතකරපු මොහොතක්ම

හිත ඇතුලේ කර කෙවෙ

එන්නම හිතයි හනිකට

නුඹ ලඟට ගුලිවෙන්ඩ

සුපුරුදු උනුහුමට

හාද්දක් අරගෙනම ....

The Cursed Summer



I wish that I could sleep
until the winter ends...
when the leaves of spring begin to fall
to open my eyes again.
The days of gloomy summers,
its minutes torment the soul
The emptiness of a grieving nest
denies the heart a moments rest
Cometh spring, oh lovely spring!
bring my love to me..
a heart full of love and the bundle of joy
When the two will become the three.

Wednesday, August 18, 2010

මෙලොව එලිය නුදුටු පුතේ




මෙලොව එලිය නුදුටු පුතේ

එලිය හරිම වසයි පුතේ

රුදුරු මහා කදුරු වනේ

පරිස්සමෙන් සිටිය යුතේ



විස ගොර සපු හොඳයි පුතේ

මනුසතු හට වඩ පුතේ

එළියේ ඉන්න එවුන් මෙතෙ

අපා යවන්නට නොවැටේ



ඇතුලට වී ඉන්න ටිකේ

ඉන්න හොඳට වී සතොසේ

අම්මාගේ චුටි බඩේ

දඟ නොකරම ඉන්න පුතේ



සැඩ සුලඟක බලය ලබා

හිරු කිරණක ජවය පොවා

සත්සමුදුර කලබවනා

බලති ඔදෙති පුතිනි මෙමා



හිස නොහෙලන් කිසිම දිනේ

අයුක්තියට කරනු විනේ

එඩිතර ගති ඇති වනුයේ

හදවත පිරිසිදු වමිනේ



නුඹ ගැන සිතුවිලි මව මව

අම්මා වෙත එන දින ගැන ගැන

දුන් හාදුව තුරුලට ගැන

ඉන්නෙමි මම ඉකි බිඳ බිඳ