Saturday, November 20, 2010

බබාට නමක් : නමක් ගැන යමක්

 
සුදට සුදේ බැබලි බැබලි
කර කවමින් චූටි ඇඟිලි
දඟ කරනා  මගේ සිඟිති
පුංචි පුතේ  නමක්  නොමැති

දමන නමක් හරි විදියට
හිතල බලල හොද හැටියට
දැමිය යුතුය පෙරදවසට
වැදගම්මක් වෙන විදියට

අනාගතේ  යම් දවසක
ඉස්කෝලෙට  යන කාලෙට
කොල්ලෝ උඹට හූ කිව්වට
හිතල තමයි දැම්මේ මේක

tution ඇඳුරෙක්  වන්නට
හිතුනොතින් තමයි  උඹට
උඹේ  නමේ බලේ කමට 
වැටහෙයි මා හිතපු තරම

පරම් පරා  ගොඩ ගන්නට
හිතුනොතින් මගේ  පුතුට
දේශපාලුවෙකු වන්නට
මේ  නම ඇති රජ කරන්ට

සසර තෙරින්  ගොඩ ගන්නට
හත්මුතු පරපුරම එකට
වැඩිය වෙනස් කමක් නැතුව
වෙහෙස නොවෙනු නම ගන්නට

බල ඔද තෙජ ගරු නම්බුද
කැටි කර හොද හැටි අකුරුද
ඇහුණම හිත ගල්  කරවන
හොඳ බලගතු නමකි මේක

පුංචි පුතේ එත් බලනු,
කොච්චර හොඳ නමක් නමුදු
උඹේ අම්මා කැමති  අයුරු
style   නොමැති කැත නමක්ලු

හතර වටේ හැම අහුමුලු
හොයල හොයල ඇතිවෙලාලු
නමක් දමන්නට කන්කළු
අහුබුදු මහතා හමුවෙමු!





















Wednesday, November 17, 2010

පැය 1 යි විනාඩි 30 යි...


තව ටිකයි...ඔව් ටික මොහොතයි...
බලාපොරොත්තු නම් දුසිම් දෙකයි ..
හිතත් පිරී හදවත නලියයි...
බයත් වගේ..එත් සතුටම තමයි..
එළියේ වහිනවා...බඩ දගලනවා...
සමනලු රෑන් පිටින් බඩ ඇතුලේ gymnastic නටනවා..
ඔලුව ඇතුලේ ඔරලෝසුවක්
තත්පරෙන් තත්පරේ දෙවනත් කරනවා..
ටික් ටික්... ටික් ටික්... ටික් ටික්..
කන්නත් බෑ.. බොන්නත් බෑ
මොනවා වෙනවද තේරෙන්නෙත් නෑ..
කොන්ඩෙ තියෙයිද...හැඩට මගේ මෙන්..
නහය පුහුලමක් වෙයිද නැත්තම්..
මගේ ජාන සීයට පනහයි...
හොඳවයින් තෝරලා දාන්නට තිබ්බනම් කදිමයි...
හොදව තිබ්බත් තියෙන්නේ විස්සයි...
අම්ම හොඳ හන්ද හිතට සතුටයි....
මටම ඔබින කළු පුතෙක්ද...අම්ම වගේ සුදු පුතෙක්ද?
සීය වගේ උස පුතෙක්ද... ආච්චි වගේ කොට පුතෙක්ද?
මොනවා වුනත් කොහොම වුනත්
මගේ පුංචි පුතා උතුම්...
තව ටිකකින් දොරට වඩයි..
ලඟින් නැතත්.. දුරින් වුනත්...
සිත ඔහාට තැපැල් කරත්...
දෙනෙතට වාවන්නෑ දුක...
යුතුරු පුවරු යට කරාන...
ගලනා කදුලැලි ගංගා...ගන්නට ඕනෑ හංගා...
නුඹ එන තෙක් මග බලාන...ඉදල ඉදල...ඇස් රිදවල.
ගලපු තරම තමයි මේක...

.. තව ටිකයි ..ටික මොහොතයි...
මගෙ හිත මටම කොදුරයි...

Friday, November 12, 2010

Where we come from : some cool videos






On the same subject, I couldn't resist posting the evolution of homer...!



Another cool video on evolution

Saturday, November 6, 2010

තවත් වසරක්...



නුඹට ඇති සඳ එලිය මට නැත..
නුඹට ඇති හිරු මා දවන්නැත
එකම අහසක පහස ලැබුවද...
කලට එරෙහිව කලම පොර බැඳ

තඹරු මල් ගොමු නිසල විල් තෙර...
සුනිල ජල කඳ අසල  වැජඹෙන
සියොත් නද හද විලෙන් නික්මෙන...
කෑගසයි  අද, නුඹට ඇහුනද?

දිලිසි දිලිසී ගගන කළඹන...
නොයෙක් තරු නිලි අතර රග දෙන
ගතින් වෙන්වී වුනත් ඉන්නට...
තවම මේ හිත ඇත්තෙ ඔතනම

පසු කලත් ඔබ එකුන් තිස් විය...
තවත් ඔබ මගේ පුංචි බිරිදය
උපන් දිනයට පතමි මම අද...
තවත් කප් සියක් එකට ඉන්නට