Wednesday, November 17, 2010

පැය 1 යි විනාඩි 30 යි...


තව ටිකයි...ඔව් ටික මොහොතයි...
බලාපොරොත්තු නම් දුසිම් දෙකයි ..
හිතත් පිරී හදවත නලියයි...
බයත් වගේ..එත් සතුටම තමයි..
එළියේ වහිනවා...බඩ දගලනවා...
සමනලු රෑන් පිටින් බඩ ඇතුලේ gymnastic නටනවා..
ඔලුව ඇතුලේ ඔරලෝසුවක්
තත්පරෙන් තත්පරේ දෙවනත් කරනවා..
ටික් ටික්... ටික් ටික්... ටික් ටික්..
කන්නත් බෑ.. බොන්නත් බෑ
මොනවා වෙනවද තේරෙන්නෙත් නෑ..
කොන්ඩෙ තියෙයිද...හැඩට මගේ මෙන්..
නහය පුහුලමක් වෙයිද නැත්තම්..
මගේ ජාන සීයට පනහයි...
හොඳවයින් තෝරලා දාන්නට තිබ්බනම් කදිමයි...
හොදව තිබ්බත් තියෙන්නේ විස්සයි...
අම්ම හොඳ හන්ද හිතට සතුටයි....
මටම ඔබින කළු පුතෙක්ද...අම්ම වගේ සුදු පුතෙක්ද?
සීය වගේ උස පුතෙක්ද... ආච්චි වගේ කොට පුතෙක්ද?
මොනවා වුනත් කොහොම වුනත්
මගේ පුංචි පුතා උතුම්...
තව ටිකකින් දොරට වඩයි..
ලඟින් නැතත්.. දුරින් වුනත්...
සිත ඔහාට තැපැල් කරත්...
දෙනෙතට වාවන්නෑ දුක...
යුතුරු පුවරු යට කරාන...
ගලනා කදුලැලි ගංගා...ගන්නට ඕනෑ හංගා...
නුඹ එන තෙක් මග බලාන...ඉදල ඉදල...ඇස් රිදවල.
ගලපු තරම තමයි මේක...

.. තව ටිකයි ..ටික මොහොතයි...
මගෙ හිත මටම කොදුරයි...

No comments:

Post a Comment