Sunday, August 29, 2010

මගේ හොද්ද



ගිනි රස්නෙට ඩා බිදු බිදු වගුරවමින් අද

උදුන ලඟින් ඇන තියාන කල් මරමින් මම

හොදි දෙකකුයි බත් ටිකකුයි හදාගෙනම හොඳ

කන්නට ගන්නෙමි මම හිරු අවරට ගිය කල



නුඹේ අතින් හදපු කෑම රජබෝජුනකි මට

ඒ රස හිත තුල තෙරපිලා කෙල එයි දිවගට

කුසගින්නට මේ ටික ඇති මට මුළු සතියට

පරිප්පුවේ ලුණු මදියක් දැනුනත් කරුමෙට



පොල්කිරියයි තුනපහමයි වරදින්නේ මට

මිරිස් ටිකක් වැඩිපුර ඇති එක කම් නැතුවට

මේවා කාලා ටික දොහකින් බඩ strike කරන වට

සැකයක් නැත lat එකටත් වැඩ වැඩි වෙයි හෙට



හදපු එව්වා කාලා කාලා මගේ බඩ පිරුනද

හිත පිරෙන්ඩ නම් මදි මට ඔයා නැතුව අද

ලිප මොලවල බත සකසල පිගානකට කර

නුඹේ අතින් බත් දෙකටක් කන්නේ කවදද

3 comments:

  1. එළ කවි ටිකකනේ

    මොනවද කරන්ද කෝපි වත් බොමු .....

    ReplyDelete
  2. හොද්ද බොර වෙද්දී.......ලුණු මිරිස කරවෙලාද....maxxa..:)))))

    ReplyDelete
  3. වැප් :
    බඩේ රුජා නොආවත්
    හිතේ රුජා තදකරන්
    දවසට දෙපාරක්
    ගන්නවා අසමෝදගම්

    Shadow/හේමලයා :
    උයන්නට මට බැරිවුනත්
    මගේ හොද්ද කරවුනත්
    මල්ලියේ මේ ටික දැනගන්
    ලිපෙය් නොතියන් ලුණු මිරිස්

    ReplyDelete