Saturday, November 20, 2010

බබාට නමක් : නමක් ගැන යමක්

 
සුදට සුදේ බැබලි බැබලි
කර කවමින් චූටි ඇඟිලි
දඟ කරනා  මගේ සිඟිති
පුංචි පුතේ  නමක්  නොමැති

දමන නමක් හරි විදියට
හිතල බලල හොද හැටියට
දැමිය යුතුය පෙරදවසට
වැදගම්මක් වෙන විදියට

අනාගතේ  යම් දවසක
ඉස්කෝලෙට  යන කාලෙට
කොල්ලෝ උඹට හූ කිව්වට
හිතල තමයි දැම්මේ මේක

tution ඇඳුරෙක්  වන්නට
හිතුනොතින් තමයි  උඹට
උඹේ  නමේ බලේ කමට 
වැටහෙයි මා හිතපු තරම

පරම් පරා  ගොඩ ගන්නට
හිතුනොතින් මගේ  පුතුට
දේශපාලුවෙකු වන්නට
මේ  නම ඇති රජ කරන්ට

සසර තෙරින්  ගොඩ ගන්නට
හත්මුතු පරපුරම එකට
වැඩිය වෙනස් කමක් නැතුව
වෙහෙස නොවෙනු නම ගන්නට

බල ඔද තෙජ ගරු නම්බුද
කැටි කර හොද හැටි අකුරුද
ඇහුණම හිත ගල්  කරවන
හොඳ බලගතු නමකි මේක

පුංචි පුතේ එත් බලනු,
කොච්චර හොඳ නමක් නමුදු
උඹේ අම්මා කැමති  අයුරු
style   නොමැති කැත නමක්ලු

හතර වටේ හැම අහුමුලු
හොයල හොයල ඇතිවෙලාලු
නමක් දමන්නට කන්කළු
අහුබුදු මහතා හමුවෙමු!





















1 comment: