සුදට සුදේ බැබලි බැබලි
කර කවමින් චූටි ඇඟිලි
දඟ කරනා මගේ සිඟිති
පුංචි පුතේ නමක් නොමැති
දමන නමක් හරි විදියට
හිතල බලල හොද හැටියට
දැමිය යුතුය පෙරදවසට
වැදගම්මක් වෙන විදියට
අනාගතේ යම් දවසක
ඉස්කෝලෙට යන කාලෙට
කොල්ලෝ උඹට හූ කිව්වට
හිතල තමයි දැම්මේ මේක
tution ඇඳුරෙක් වන්නට
හිතුනොතින් තමයි උඹට
උඹේ නමේ බලේ කමට
වැටහෙයි මා හිතපු තරම
පරම් පරා ගොඩ ගන්නට
හිතුනොතින් මගේ පුතුට
දේශපාලුවෙකු වන්නට
මේ නම ඇති රජ කරන්ට
සසර තෙරින් ගොඩ ගන්නට
හත්මුතු පරපුරම එකට
වැඩිය වෙනස් කමක් නැතුව
වෙහෙස නොවෙනු නම ගන්නට
බල ඔද තෙජ ගරු නම්බුද
කැටි කර හොද හැටි අකුරුද
ඇහුණම හිත ගල් කරවන
හොඳ බලගතු නමකි මේක
පුංචි පුතේ එත් බලනු,
කොච්චර හොඳ නමක් නමුදු
උඹේ අම්මා කැමති අයුරු
style නොමැති කැත නමක්ලු
හතර වටේ හැම අහුමුලු
හොයල හොයල ඇතිවෙලාලු
නමක් දමන්නට කන්කළු
අහුබුදු මහතා හමුවෙමු!
කර කවමින් චූටි ඇඟිලි
දඟ කරනා මගේ සිඟිති
පුංචි පුතේ නමක් නොමැති
දමන නමක් හරි විදියට
හිතල බලල හොද හැටියට
දැමිය යුතුය පෙරදවසට
වැදගම්මක් වෙන විදියට
අනාගතේ යම් දවසක
ඉස්කෝලෙට යන කාලෙට
කොල්ලෝ උඹට හූ කිව්වට
හිතල තමයි දැම්මේ මේක
tution ඇඳුරෙක් වන්නට
හිතුනොතින් තමයි උඹට
උඹේ නමේ බලේ කමට
වැටහෙයි මා හිතපු තරම
පරම් පරා ගොඩ ගන්නට
හිතුනොතින් මගේ පුතුට
දේශපාලුවෙකු වන්නට
මේ නම ඇති රජ කරන්ට
සසර තෙරින් ගොඩ ගන්නට
හත්මුතු පරපුරම එකට
වැඩිය වෙනස් කමක් නැතුව
වෙහෙස නොවෙනු නම ගන්නට
බල ඔද තෙජ ගරු නම්බුද
කැටි කර හොද හැටි අකුරුද
ඇහුණම හිත ගල් කරවන
හොඳ බලගතු නමකි මේක
පුංචි පුතේ එත් බලනු,
කොච්චර හොඳ නමක් නමුදු
උඹේ අම්මා කැමති අයුරු
style නොමැති කැත නමක්ලු
හතර වටේ හැම අහුමුලු
හොයල හොයල ඇතිවෙලාලු
නමක් දමන්නට කන්කළු
අහුබුදු මහතා හමුවෙමු!